තව ටික දවසකින් අනිවාර්යයි... නැතිනම් දඩය දෙගුණයක්....

Report

මගී ප්‍රවාහන සියලු ම බස් රථ සඳහා ලබන අගෝස්තු මස 1 වන දා සිට විද්‍යුත් ප්‍රවේශපත් නිකුත් කිරීම අනිවාර්ය කෙරෙන බව ප්‍රවාහන, මහාමර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුවේදී ඊයේ (මැයි 21) පැවති මාධ්‍ය හමුවකදී ය. බස් රථවල ගමන් කරන මගීන් ප්‍රවේශපතක ලබා ගැනීම අනිවාර්ය වුවත් එම නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බැවින් ලබන අගෝස්තු සිට එම නීතිය බලාත්මක කෙරෙන බව අමාත්‍යවරයා සදහන් කළේ ය.

නොසිතූ මොහොතක නික්ම ගිය කඩවසම් තරුණයා ගැන බුකියම සංවේදී කරවයි

නොසිතූ මොහොතක නික්ම ගිය කඩවසම් තරුණයා ගැන බුකියම සංවේදී කරවයි

ඔහු තවදුරටත් පැවසුවේ, පෞද්ගලික මගී බස් රථවල ප්‍රවේශ පත් නොගෙන ගමන් ගන්නා මගීන්ට ලංගම බස් රථවල මෙන් එම ප්‍රමාණයේ දඩයක් පැනවීමටත් අවශ්‍ය රෙගුලාසි හදුන්වා දීමට කටයුතු කරන බව ය.

පෞද්ගලික බස් රථ වලට අවශ්‍ය විද්‍යුත් ටිකට් මැෂින් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී මගින් ලබා දෙන බව ත් ඉදිරියේදී ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව ත් අමාත්‍යවරයා පැවසීය.

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ තවත් කතාවක් එළියට

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ තවත් කතාවක් එළියට

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ රියැදුරන් සදහා ලබන සැප්තැම්බර් මාසයේ සිට ආසන පටි පැළදීම අනිවාර්ය කෙරෙන බව ත් අධිවේගී මාර්ග භාවිත කර මෝටර් රථවල පිටිපස අසුන්වල ගමන් ගන්නා මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය කරන බව ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, බස් රථවල ඇති අනවශ්‍ය සැරසිලි ද ලබන ජූලි 1 වන දා සිට ඉවත් කිරීමට කටයුතු කරන බව ය.