හෙරොයින් සන්තකයේ තබා ගත් අයෙකුට වැඩ වරදී (VIDEO)
By Lakshika
හෙරොයින් සන්තකයේ තබා ගත් අයෙකුට වැඩ වරදී දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම තීන්දුව ලබාදුන්නේය.
2013 වසරේ අප්‍රේල් මස 07 වනදා කොටහේන ප්‍රදේශයේදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබීය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.
you may like this vedio
