"මේක ජවිපෙ බළල් අතක්" - මල්වානේ නිවස ගැන උපතිස්ස කුමාරතුංගගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Report

බැසිල් රාජපක්ෂට අයත් යැයි පැවසුණු, රජයට පවරාගෙන තිබූ මල්වානේ පිහිටි නිවස සහ ඉඩම අත්පත් කරගෙන සිටින බව කියන සිදුවීම සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණ විසින් දොම්පේ පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ අනුව, අදාළ ඉඩම භාවිතා කරන බව කියන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා පැවසුවේ, එම ශිෂ්‍ය සංවිධානය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බළල් අතක් ලෙස ක්‍රියා කරන බව තමන්ට සැකයක් පවතින බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ දේපළ අත්පත් කර ගැනීම පිළිබඳව පොලීසිය හා අධිකරණය කඩිනමින් මැදිහත් වී නීතිමය පියවර ගත යුතු බවත්, එසේ නොවුවහොත් පුරවැසියන්ගේ දේපළ ආරක්ෂාවට ගැටලු ඇතිවිය හැකි බවත්ය.

මෙම ප්‍රකාශය ඔහු සිදු කළේ ඊයේ (16) පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රීලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර හොරුන්ගෙන් වැදුණු මාරක ටොක්ක - මිලියන ගණනක වංචා දෙකක් එළියට

ශ්‍රීලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර හොරුන්ගෙන් වැදුණු මාරක ටොක්ක - මිලියන ගණනක වංචා දෙකක් එළියට

අල්ලස් කොමිසමෙන් රාජ්‍ය නිලධාරීන්ට රතු නිවේදනයක්

අල්ලස් කොමිසමෙන් රාජ්‍ය නිලධාරීන්ට රතු නිවේදනයක්