2026 T20 ලෝක කුසලානයේ මාලී දිගටම

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකට හිටපු වේග පන්දු යවන ලසිත් මාලිංග මහතාට පිරිනමා ඇති *වේග පන්දු උපදේශක පුහුණුකරු* ධූරයේ කාල සීමාව 2026 විස්සයි-20 ලෝක කුසලානය අවසන් වන තුරු දක්වා දීර්ඝ කර තිබේ.

මෙම තීරණය මගින් ලසිත් මාලිංග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු බෝලිං අංශයේ උපදේශන හා පුහුණු කටයුතුවලට තවදුරටත් දායක වීමට හැකි වන අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණයක් ලෙස ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කෙරිණි.

ප්‍රකට නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වේ

ප්‍රකට නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වේ

ලසිත් මාලිංග මහතා මීට පෙරද ජාතික කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ අත්දැකීම් හා දක්ෂතා තුළින් නව පරම්පරාවේ වේග පන්දු යවන්නන් වර්ධනය කිරීමට විශේෂ දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2026 ICC විස්සයි-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම් කිරීමේදී මාලිංග මහතාගේ මඟ පෙන්වීම තීරණාත්මක වනු ඇති බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශ්වාසයයි.

තවත් මේක කරන්න බෑ - ලොක්කෙක්ගේ පුද්ගලික ලේකම්ගේ පැටිකිරිය කියලා ප්‍රාදේශීය ලේකම්ලා ජනාධිපති ලේකම්ට ලියයි

තවත් මේක කරන්න බෑ - ලොක්කෙක්ගේ පුද්ගලික ලේකම්ගේ පැටිකිරිය කියලා ප්‍රාදේශීය ලේකම්ලා ජනාධිපති ලේකම්ට ලියයි