ලක්ෂ ගානක බඩුත් එක්ක මාලිමා මන්ත්‍රිනියගේ අත්බෑගේ කොල්ලකාලා
බොරලැස්ගමුව නගර සභාවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාගරික මන්ත්‍රිනි ලලනා ප්‍රියදර්ශනීගේ අත්බෑගය, ඊයේ (08) දහවල් කොල්ලකා පලා ගොස් ඇති බව දෙහිවල පොලිසිය පවසයි.
අත්බෑගය ත්‍රීවීලරයකින් පැමිණි අයකු විසින් පැහැර ගෙන ඇති අතර, එහි රුපියල් ලක්ෂ තුනක් වටිනා රන් කරාබු යුගලක්, රුපියල් 35,000 ක් වටිනා ජංගම දුරකථනයක්, මුදල් රුපියල් 15,000 ක් සහ වටිනා ලිපිලේඛන රැසක් ඇතුළත් වූ බව පොලිසිය සඳහන් කරයි.