හෝමුස් සමුද්‍ර සන්ධියෙන් යාත්‍රා කිරීමට මැලේසියාවට ඉරානයෙන් අවසර

Report

මැලේසියාවට අයත් නෞකාවන්ට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට හැකි බව මැලේසියා අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි .

මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් (Anwar Ibrahim) සඳහන් කරන්නේ මැලේසියාවට අයත් නෞකාවන්ට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරාන රජයේ අවසරය හිමිවු බවයි .

මැදපෙරදිග හටගෙන ඇති යුද තත්ත්වය මධ්‍යයේ හෝමුස් සමුද්‍රසන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගන්නා ලදි.

ඒ සමගම ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ යන ආකාරයයි දැකගත හැකිවිය.

 මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණෙන් රටවල් කිහිපයක නෞකාවන්ට හෝමුස් හරහා ගමන් කිරීමට ඉරානය අවසර ලබා දී තිබේ මැලේසියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම තීරණයට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙස්කියන්ට ස්තූතිය පළකරන බවයි .

තෙල් නැව් 10ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දුන් බව ට්‍රම්ප් කියයි

තෙල් නැව් 10ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දුන් බව ට්‍රම්ප් කියයි

මැලේසියාවට ආනයනය කරනු ලබන ස්වභාවික ගෑස් වලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් ගල්ෆ් කලාපයෙන් රැගෙන එනු ලබයි.

තායිපේ නගරයේ හිටපු නගරාධිපතිවරයාට ලැබුණු දඩුවම මෙන්න

තායිපේ නගරයේ හිටපු නගරාධිපතිවරයාට ලැබුණු දඩුවම මෙන්න