හිටපු අගමැතිට තවත් වසර 15ක සිර දඬුවමක්

Report

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් මත මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට, ඊයේ (26) එරට අධිකරණය තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක (රිංගිට් බිලියන 11.39) දඩයක් පැනවීමට තීරණය කර තිබේ.

මැලේසියාවේ මෙතෙක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාවට චෝදනා එල්ල වූ නජීබ්, 2022 සිට මේ වනවිට සිර දඬුවම් විදිමින් සිටියි. නව දඬුවම 2028 දී ඔහුගේ පවතින සිර දඬුවම සමඟ එකතු වන බවයි සඳහන් වෙන්නේ.

කෙසේ නමුත් නජීබ්ගේ නීතිඥවරයා සඳහන් කළේ, තීන්දුවට එරෙහිව එළැඹෙන සඳුදා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

72 හැවිරිදි නජීබ්ගේ ගිණුම්වලට ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ලැබී ඇති අතර, ඔහුට එරෙහි ප්‍රධාන චෝදනාව වනුයේ, '1Malaysia Development Berhad' රාජ්‍ය අරමුදලෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 4.5ක් සොරකම් කර ඇති බවයි.

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

ඊයේ පැවති පැය 5 කට වැඩි නඩු විභාගයේදී, විනිසුරුවරයා නජීබ්ට මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා 21කට වැරදිකරු බවට තීරණය කළේය.

අදාළ තීන්දුවේ අනුව, නජීබ්ට සිර දඬුවමට අමතරව රිංගිට් බිලියන 2.08ක වත්කම් අයකර ගත යුතු අතර, මෙම වගකීම ඉටු නොකළහොත් අමතර සිර දඬුවම් පනවන බවද සඳහන් වේ.

වංචනිකව උපයාගත් මුදල් ඔහුගේ හිතවතුන් පෞද්ගලික ජෙට් යානයක්, සුඛෝපභෝගී වත්කම්, හෝටල්, කලා කෘති, ස්වර්ණාභරණ, සුපිරි යාත්‍රා සහ 2013 හොලිවුඩ් චිත්‍රපටයක් ආදී දේ සඳහා යොදාගත් බව වාර්තා වේ.

වාහන පිළිබඳ අසුභ ආරංචියක් - පොඩි වාහනවල මිල අඩු වෙයිද?

වාහන පිළිබඳ අසුභ ආරංචියක් - පොඩි වාහනවල මිල අඩු වෙයිද?