අත්‍යවශ්‍යම අය පමණක් පාස්පෝර්ට් හදන්නට පැමිණෙන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටී...

Sri Lanka Politician Tiran Alles Sri Lanka Department of Immigration & Emigration Passport
By Parami Dissanayake Sep 09, 2024 05:49 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක වෙමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඉල්ලා සිටියේ, ලබන ඔක්තෝබර් 20 වැනිදා තෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙසයි.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී ගුවන් ගමන් බලපත්‍ර හිස් පොත් ශේෂ වීම, හා ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට උද්ගත වී තිබූ තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවේදි ය.

ඊ පාස්පෝට් ටෙන්ඩරය මිලදී ගත් සමාගමෙන් චීපය රහිත පාස්පෝට් ප්‍රමාණයක් ලබන ඔක්තෝබර් 20 වැනිදාට පෙර ලැබෙන බවත් මේ අනුව සාමාන්‍ය පරිදි පාස්පෝට් මුද්‍රණය කළ හැකි බවත් ඇමැතිවරයා පැවසී ය.

වීසා ගැටලුවට අධිකරණයෙන් විසඳුමක්...

වීසා ගැටලුවට අධිකරණයෙන් විසඳුමක්...

එමෙන් ම, ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් 2003 වසරේ සිට වසර විස්සක කාලයක් හිස් පාස්පෝට් පොත් මිලියන 11 ක් ලබාදී ඇත.

කෙසේ වෙතත්, මේ වන විට විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීමේ අවශ්‍යතාව මත දෙස් විදෙස් සමාගම් වලින් ඊ පාස්පෝට් සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.

කාන්තාවක් අයිස් සමඟ අත්අඩංගුවට...

කාන්තාවක් අයිස් සමඟ අත්අඩංගුවට...

ඒ අනුව, අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට ඉදිරිපත් වූ සමාගම් තුනකින් එක් හිස් පොතක් ඇමරිකන් ඩොලර් 05.6 ක ලංසුවක් යටතේ තෝරාගත් සමාගමකින් පාස්පෝට් පොත් ලක්ෂ පහක ප්‍රමාණයක් මිලදී ගැනීමට තීරණය කළ බව ය.

එම සමාගමේ ඇණවුම නොවැම්බර් මාසයේදී ලැබීමට තිබුණත් හිස් පාස්පොත් ශේෂ වීම මත ඉලෙක්ට්‍රෝනික චීපය නොමැති පාස්පෝට් ප්‍රමාණයක් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලූ බවත් ඇමැතිවරයා පැවසීය.