වීසා ගැටලුවට අධිකරණයෙන් විසඳුමක්...

By Parami Dissanayake Sep 09, 2024 05:27 PM GMT
Report

වීසා ගැටලුවට අධිකරණ විසඳුමක් ලැබෙන තෙක් ඔන් ඇරයිවල් වීසා නිකුත් කරන බවත් ගුවන් තොටුපලේ වීසා කවුන්ටර් 12 ක් වැඩි කර තිබෙන බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවසුවේ ය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

මාධ්‍යවේදී චමුදිත සහ ජනපති අපේක්ෂකයෙක් වහාම අල්ලස් කොමිසමට කැඳවන්න..ඩොලර් බිලියන 07ක ගේමක් ලීක්වෙයි...(VIDEO) )

මාධ්‍යවේදී චමුදිත සහ ජනපති අපේක්ෂකයෙක් වහාම අල්ලස් කොමිසමට කැඳවන්න..ඩොලර් බිලියන 07ක ගේමක් ලීක්වෙයි...(VIDEO) )

තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම මගින් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය අධිකරණය විසින් වාරණය කර ඇති බැවින් වීසා ලබා දීමේ ක්‍රමවේදය දිවයිනට පැමිණි පසු දින 30 කට හෝ දින 60 කට ලබාදීමට කටයුතු කළ බවත් එම ක්‍රමවේදය මේ වනවිටත් සිදුවෙමින් පවතින බව ය.

මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්...

මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්...

එමෙන් ම, එකවර ගුවන් යානා කිහිපයක් පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ කවුන්ටර්වලට පෝලිම් ඇතිවන බැවින් එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පවතින වීසා කවුන්ටර්වලට අමතරව නව කවුන්ටර් 12 ක් ස්ථාපිත කළ බවත් ඔහු පවසා ඇත.

සංචාරකයන් එක්ලක්ෂ අසූ නව දහසක් පමණ වී.එෆ්.එස් සමාගම මගින් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ අවසන් මාසයේදී පමණක් පැමිණි තිබේ.

කෙසේ වෙතත්, එම ක්‍රමවේදය වාරණය වීම ගැන හෝටල් ව්‍යාපාරිකයන් රැසක්ම කනස්සල්ල පළකර සිටි බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවසුවේ ය.