තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් ගැන දැනුම් දෙයි
කැළණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ කැළණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් ඇති බවයි.
එමෙන්ම කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව කැළණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී ඇත.
එහෙත් තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් පවති බවට දැනුම්දී තිබෙනවා.
එසේම හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අද දින අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 7.93 ක් දක්වා අඩු වී ඇති අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන්.
මේ අතර කළුගඟේ ඇල්ගම ජලමාපකයේ ජල මට්ටම අද දින අලුයම 02.00ක වනවිට අඩි 10.40 ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 10.30 ක් දක්වා අඩු වී ඇති අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව පවසයි.
තවද මල්වතු ඔයේ තන්තිරමලේ ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 8.98ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 8.95 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් පවතින බව ප්‍රකාශ කර ඇත.