හිටපු හමුදා ප්‍රධානීන් ආරක්ෂා කරන්න දඟලන මෛත්‍රීපාල

Colombo Maithripala Sirisena Sri Lanka Government
By Zara Mar 25, 2025 02:00 PM GMT
Zara

Zara

Report

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා ප්‍රධානීන් ඇතුලු සිව් දෙනෙකුට බ්‍රිතාන්‍ය රජය විසින් පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

එතුමා අද (25) දින කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙලෙස ප්‍රකාශ කර සිටියේය.

ඔහු එහිදී පවසා සිටියේ මෙම ක්‍රියාව කුමන්ත්‍රණයක් බවයි.

එහිදී ඒ පිළිබඳව අදහස් දැක්වූ එතුමා පවසා සිටියේ,

"මේ ආරක්ෂක ප්‍රධානීන් මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කරපු අය. ඒ අය මිනිස්සු මැරුවේ නෑ. අවසාන සති දෙක මතක ඇති. අපි මැරිලා උපන්නේ නෑ. ජාතීවාදි විදිහය ඒ අය විනාශයන් කළේ නෑ. මම අවස්ථා 5කදී වැඩබලන ආරක්ෂක ඇමති විදිහට හිටියා. ප්‍රභාකරන් මැරෙද්දිත් වැඩබලන ආරක්ෂක ඇමති මම. ඉතිං මම දන්නවා අවසාන සති දෙකේ මොකද වුණේ කියලා. ඒ නිසා අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මේ කරපු දේ ඉතාම අසාධාරණයි.

මේ අය රට වෙනුවෙන් කැපවෙච්ච පිරිසක්. අපේ රණවිරුවෝ ජීවිත කොච්චරක් පූජා කළාද? ඒ කළේ රට වෙනුවෙන්. ඇල්ෆ්‍රඩ් දොරයප්පා, අමිර්තලිංගම් වගේ අය එල්.ටී.ටී.ය මැරුවා. ඒ අය මැරුවේ ඇයි ? මේවා ගැන කතා කරන්න ඕනේ. ඒත් අපේ හමුදා සාමාජිකයින්ට කරපු දේ කුමන්ත්‍රණයක්. ජනතාව අවධියෙන් ඉන්න ඕනේ. යුද්ධය ඉවර වුණේ නැත්නම් කොළඹවත් පොලොන්නරුවත් ඉතුරු  වෙන්නේ නෑ. මම දැඩි ලෙස කම්පනයට පත්වෙනවා වගේම කණගාටුවට පත්වෙනවා මේ රට බේරගත්ත ජාතික වීරයින්ට ජාත්‍යන්තර වශයෙන් කරපු අසාධාරණයට" යනුවෙනි.

විහාරය තුලම භික්ෂුවකට කළ අපරාධය (VIDEO)

විහාරය තුලම භික්ෂුවකට කළ අපරාධය (VIDEO)

සෙනසුරු ග්‍රහයාගේ වළලු අතුරුදහන් වෙයි

සෙනසුරු ග්‍රහයාගේ වළලු අතුරුදහන් වෙයි

ReeCha