"මේ කුඩු ටික ලංකාවට ආවා නම් මොනවා වෙයිද" – නාවික හමුදාව අල්ලපු දැවැන්ත හෙරොයින් තොගයේ තරම මෙන්න

By Malith Madushan Jul 21, 2026 04:46 AM GMT
Report

මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූලි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,652කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ.

මුහුදු කලාප ආවරණය කරමින් සිදුකළ නිරීක්ෂණ සහ මුර සංචාර මෙහෙයුම්වලදී මෙම මත්ද්‍රව්‍ය තොග හඳුනාගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

අදාළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,080යි ග්‍රෑම් 894ක්, කොකේන් කිලෝග්‍රෑම් 256යි ග්‍රෑම් 200ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 590යි ග්‍රෑම් 806ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 56යි ග්‍රෑම් 91ක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 667යි ග්‍රෑම් 695ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොග රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

ඩෙංගු අවදානම උග්‍රයි - මරණ 56 ක් සහ රෝගීන් 77,000 සීමාවට

ඩෙංගු අවදානම උග්‍රයි - මරණ 56 ක් සහ රෝගීන් 77,000 සීමාවට

මෙම සාර්ථක මෙහෙයුම් මගින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට දැඩි බලපෑමක් එල්ල කිරීමට හැකිවී ඇති අතර, නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය රට තුළට ප්‍රවාහනය කිරීම වැළැක්වීමටද දායක වී ඇති බව නාවික හමුදාව පවසයි.

විෂ මත්ද්‍රව්‍යවලින් තොර ආරක්ෂිත රටක් ගොඩනැගීමේ අරමුණින් ඉදිරියටත් සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයට නව පෙරළියක් කරමින් සූර්ය බලයෙන් දුවන නිවාස සංකිර්ණයක්

ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයට නව පෙරළියක් කරමින් සූර්ය බලයෙන් දුවන නිවාස සංකිර්ණයක්