මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා විභාගයට

Report

දූෂණ චෝදනාවකට සම්බන්ධව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අතර, ඒ සඳහා විභාගය අද (09) ආරම්භ විය.

මෙම අභියාචන විභාගය, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පංච සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් ඉදිරියේ පැවැත්වුණි.

එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරුවරුන් ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වංගප්පුලි සහ සම්පත් අබේකෝන් කටයුතු කළහ.

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි

2015 ජනාධිපතිවරණ සමයේ, ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 6 ක් පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබුණි.

එම අනුව, යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණ මඩුල්ලේ නඩුව පවරා තිබුණි.

එම නඩුවේදී මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, නලින් ප්‍රනාන්දුට වසර 25 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරනු ලැබීය.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම කැඳවීමට දිනදෙයි

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම කැඳවීමට දිනදෙයි

ඔවුන්ගේ අභියාචනේ මූලික අරමුණ තමන්ව නිදොස් කරනු ලබමින් නිදහස් වීමට ඉල්ලීමයි.