මහින්දානන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙනවා.
එවැනි පසුබිමක අද ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා.
එම නඩුව අද (19) කැඳවීම සඳහා ඒ මහතාගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බවත් වාර්තා වන්නේ.