මහින්දානන්දටයි නලින්ටයි දෙන්නට මේ මොකක්ද වුණේ?. නියෝගයක් මෙන්න..

Report

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදුන් බවට චෝදනා එල්ලවී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනුකර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එම නඩුව ලබන 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

එම නඩුව අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය.

ඒ ගමන මොකක්ද?. උඩු දුවලම ගිය ශිෂ්‍යත්ව විභාගය ගැටලුව.. ඔක්තෝබර් 07වෙනිදා දක්වා දුන්න නියෝගය මෙන්න..

ඒ ගමන මොකක්ද?. උඩු දුවලම ගිය ශිෂ්‍යත්ව විභාගය ගැටලුව.. ඔක්තෝබර් 07වෙනිදා දක්වා දුන්න නියෝගය මෙන්න..


එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු අමල් රණරාජා මහතා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා ගොස් ඇති බැවින් එම පුරපාඩුවට වෙනත් විනිසුරුවරයකු පත් කරන තුරු නඩුව ලබන 04 වනදා දක්වා එම නඩුව කල්තබන ලෙස නියෝග කර තිබෙනවා.

බල පෙරලියත් එක්ක, රත්තරං මිලට වුණ දෙය දන්නව ද?. අම්මෝ ඊයේ එක්ක බලද්දී.. අද මිල ගණන් මෙන්න..

බල පෙරලියත් එක්ක, රත්තරං මිලට වුණ දෙය දන්නව ද?. අම්මෝ ඊයේ එක්ක බලද්දී.. අද මිල ගණන් මෙන්න..


2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 53කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස ආයතනයේ සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.