මහින්ද රාජපක්ෂ දැඩි තීරණයකට යයි.. එකවරම නිවේදනයකුත් නිකුත් කරලා..(PHOTOS)

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ දැඩි තීරණයකට යයි.. එකවරම නිවේදනයකුත් නිකුත් කරලා..(PHOTOS) | Mahinda Rajapakshe Announsement 12Th May 2024

එහි සඳහන් වන්නේ රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට‍ සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බව ද පෙනෙන්නට තිබෙන බවයි.

ඉතුරුම් පොලී අනුපාතවලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න..

ඉතුරුම් පොලී අනුපාතවලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න..


වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළක් බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්වවලට පවා අවබෝධ විය යුතුය යන්න ද ඉන් සඳහන් වේ.

මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න..

මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවය.

එම අදාළ නිවේදනය පහතින් දැක් වේ,

GalleryGallery