මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද? - හිටපු ජනපති කිවූ කතාව. (VIDEO)

By Wayomi Nov 10, 2024 05:01 AM GMT
Report

තමනට අයත් නොවන සත පහක් තමා ලබා ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා සමග පැවසූ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරනවා.

1970 සිට රටට වැඩ කළත් අද රටේ ජනතාවගෙන් හොරා යන නාමය අසා ජීවත් වීමට සිදුව ඇති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ බව ද ඔහු කියා සිටියා.

ඒ, කළුතර ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

එමෙන්ම එම අභූත චෝදනා ගැන පරීක්ෂණ පවත්වා ඒවා පිරිසිදු කිරීමට ඉක්මනින් කටයුතු කරන බව තමා පැවසූ විට තමන් එතරම් කල් ජීවත් වේදැයි දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළ බවත් සාගර කාරියවසම් පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසිදු වරදක් නොකළ යුද්ධය අවසන් කොට මිනී කඳු ගොඩගැසීම අවසන් කළ මිනිසෙකුගේ චරිතය ඝාතනය කිරීම තරම් පව්කාර වැඩක් තවත් නොමැති බවයි.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

පිටරට ගිණුම්වලින් මුදල් අදින සෙට් එකක් මාට්ටු.

පිටරට ගිණුම්වලින් මුදල් අදින සෙට් එකක් මාට්ටු.