විපක්ෂේ කොච්චර බලය අල්ල ගත්තත් තනි පක්ෂයක් විදිහට මාලිමාව ඉදිරියෙන් - මහින්ද ජයසිංහ
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් සමූපකාර ඡන්දය සඳහා සහභාගී වන්නේ සමස්ත බල ප්‍රදේශයක ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් බව ප්‍රකාශ කරයි.
එනිසා සමූපකාර මැතිවණ ප්‍රතිඵලයකින් සමස්ත ජන මතය පිළිබඳ තීන්දුවක් ගත නොහැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
තවද ඔහු පෙන්වා දුන්නේ ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී මෙන්ම විපක්ෂ කණ්ඩායම් එකතු වී සමූපකාර බලය ලබා ගනිමින් තිබුණ ද තනි පක්ෂයක් වශයෙන් තමන් ඉදිරියෙන් සිටින බවයි.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තව දුරටත් රටේ බහුතර සමූපකාරවල බලය ඇත්තේ ජාතික ජන බලවේගයට බවත් තමන් හොබවන සමූපකාර හරහා ජනතාවට ඉහළ සේවයක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ය.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් බව වාර්තා වේ.
ඒ ජනාධිපති අනුර දිසානායක මහතා මාලිමාව සමූපකාර ඡන්ද ජයග්‍රහණය කරන විට එය ගමේ ජනතා මතය යැයි ප්‍රකාශ කළ බවත් මේ වන විට ආණ්ඩුව සමූපකාර ඡන්ද පරදින පසුබිමක එම තර්කය තව දුරටත් වලංගු දැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු සපයමින්.