සුළි කුණාටුවක් කාළගුණයෙන් දැනුම් දුන්නේ නැහැ.. වාන් ඇරිය යුත්තේ අපි නෙමෙයි වාරිමාර්ගෙන් - මහින්ද

Report

මෙරටට සුළිකුණාටුවක් ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රජයට හෝ ඕනෑම ආයතනයකට දැනුම්දීමක් කර නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි.

එවැනි දැනුම්දීමක් සිදුවූ බව කිව්වොත් එය කොහේ සිදුවූද යන්න පෙන්වන ලෙස ඔහු අභියෝග කරමින් ප්‍රකාශ කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනවලදී මිලිමීටර් 200කට වැඩි වැසි ඇතිවන බව පමණක් සඳහන් වන අතර, එවැනි නිවේදන නිකුත් කිරීම එහි සාමාන්‍ය ක්‍රියාවලියක් බවද ඔහු පැවසීය. මෙම ව්‍යසනය සම්බන්ධයෙන් රජය නිසි පියවර ගෙන නොමැති බවට නඩු පවරන්නේ නම්, එවැනි නඩුවකට මුහුණ දීමට රජය සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

මෙම අදහස් ඔහු ඉදිරිපත් කළේ රූපවාහිනී නාලිකාවක පැවැත්වූ සාකච්ඡාවකදීය. කෙසේ වෙතත්, වර්ෂාපාමාණය අනුව වාන් දොරටු ඇරීම හෝ වැසීම යන කාර්යය වාරි ඉංජිනේරුවන්ගේ වගකීමක් බවද ඔහු අවධාරණය කළේය. එවැනි වරදක් සිදුවී තිබේ නම්, එයට වගකිව යුත්තේ වාරි ඉංජිනේරුවන් බවද ඔහු තවදුරටත් පැවසීය.

මෙම ප්‍රකාශය, මෑතකදී රට පුරා වන වැසි හා ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ඇතිවූ ආපදාවන් සම්බන්ටයෙන් රජයේ වගකීම පිළිබඳ චෝදනාවලට ප්‍රතිචාරයක් ලෙස විස්තර වනු ඇත. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග හා කාලගුණ ඇඟවීම් සම්බන්ධයෙන් තවදුරු විමර්ශනයක් අවශ්‍ය බවද විශේෂඥයන්ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අද ඉඳන් ආයෙත් කොළඹට යන මේ බස් වැඩ

අද ඉඳන් ආයෙත් කොළඹට යන මේ බස් වැඩ