නාවලපිටිය යට වෙයි - පවුල් 100කට වැඩිය අනාථයි - තත්ත්වය දරුණු අතට
අද (20) අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නාවලපිටිය, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
වාර්තා වන ආකාරයට හේතුවෙන් එම ප්‍රදේශවල පිහිටි නිවාස රැසක් ජලයෙන් යටවීම නිසා පවුල් 100කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්වී ඇති බව වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ නාවලපිටිය කිතුල්කොටේ, ලබුවැල්කොටුව සහ ජයසුන්දරඕවිට යන ප්‍රදේශ රැසක පහත්බිම් සහ නිවාස මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.