ලෝක උරුමයක් වූ මහාවංශය..

Report

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාල පරිශ්‍රයේදී ඊයේ දින සිදු කෙරුණි .

ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්න ගිය සිසුන්ට වෙච්ච ඇබැද්දිය ..(VIDEO)

ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්න ගිය සිසුන්ට වෙච්ච ඇබැද්දිය ..(VIDEO)

එහිදී ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තකයට අදාළ සහතික පත්‍රය ප්‍රදානය කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්. පීරිස් වෙත භාරදුන් අතර ඊට අදාළ සමරු පලකයක්ද ඇය විසින් විවෘත කරන ලදී .

උපසම්පදා උත්සවය ඉදිරිපිටදී යක් නැටුමක්..දෙදෙනෙකු රෝහලේ..

උපසම්පදා උත්සවය ඉදිරිපිටදී යක් නැටුමක්..දෙදෙනෙකු රෝහලේ..

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ විසින් යුනිස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු පොතක්ද එහිදී පිළිගැන්විණි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය එම්. මහේෂ්වරන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ .

ලෝක උරුමයක් වූ මහාවංශය.. | Mahavamsaya Book Which Was A World Heritage