මධුෂ්කගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සමඟ ලංකාවට ශතක වැස්සක්.

Sri Lanka Cricket Kusal Mendis Dimuth Karunaratne
By Wayomi Apr 27, 2023 06:51 AM GMT
Wayomi

Wayomi

Report

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 489ක් රැස් කරගෙන සිටිනවා.

අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිශාන් මධුෂ්ක සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, පන්දු 328කදී හතරේ පහරවල් 22ක් සහ එක් හයේ පහරක් සමඟයි.ඔහු ම,ඒ වන විට නොදැවී ලකුණු 202ක් රැස් කරගෙන සිටිනවා.

කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 08 වන ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ගේ ඉනිමට හයේ පහරවල් 08ක් සහ හතරේ පහරවල් 10ක් ඇතුලත් වන අතර මේ වන විට නොදැවී ලකුණු 160ක් රැස් කරගෙන සිටිනවා.

නායක දිමුත් ලකුණු 115ක් රැස් කළේ සිය ටෙස්ට් දිවියේ 16 වැනි ශතකයයි.

ඒ අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 492 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව මේ වන විට අයර්ලන්ත කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 03ක් පසු පසින් සිටිනවා.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW