මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක් - මදුරෝ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරයි

Report

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සිය අල්ලස් සහ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පසුගිය දින, අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්, ඊයේ (05) අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

දැඩි ආරක්ෂක රැකවල් මැද, ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී. නිකොලස් මදුරෝ අධිකරණය හමුවේ සඳහන් කළේ, තමන් තවමත් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර, පසුගිය 3 වන දින නිවසේදී පැහැරගෙන යාමට ලක් වූ බවයි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, "මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ" යනුවෙනි. මදුරෝට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය සහ අවි ජාවාරම් සම්බන්ධ චෝදනා සියල්ලම ඔහු ප්‍රතික්ෂේප කරන බවද ඔහු අවධාරණය කළේය.

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ද අධිකරණය හමුවේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළාය.

මෙම නඩු විභාගය මිනිත්තු 40ක් පමණ පැවති අතර, ඉන් අනතුරුව මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක්හි බෘක්ලින් පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු ක්‍රියාමාර්ගය පිළිබඳ දැඩි කණස්සල්ල පළ කරන බවයි.

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්