අපි තමයි අපිව දන්නේ.. සියල්ල කියූ කතා කණපිට හරවමින් මාදවී කසුන් යුග දිවියට..(PHOTOS)
By Sithumi
මාදවී වත්සලා ඇන්තනී කියන්නේ ජැක්සන් පවුලේ වැඩිමහල් දියණිය.
ඇය මේ වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක්.
තාත්තගේ ආභාශය ලබමින් ඇයත් මේ වන විට කලා ලොවේ ඉතාම හොද නමක් හදාගනිමින් ඉන්නවා.
ඇයගේ ගීතයක් තමයි අපි තමයි අපිව දන්නේ ගීතය.
මේ ගීතය බොහෝ දෙනා අතර ඉතාම ඉක්මනින් ජනප්‍රිය වුණා. ඇය මිලාන් සිල්වා සමග විවාහ වී සිටියත් එමවිවාහය ඉතා ඉක්මනින් දෙදරා ගියා.
ඉතින් අද නැවතත් මාදවී ගැන හැමෝගෙම අවදානය යොමු වෙලා.
ඒ ඇය අද නැවතත් විවාහා දිවියට පිවිසිලා.
ඒ කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගින්.
ඔහු සමග මීට ඇයට සම්බන්දයක් තිබුණ බව හැමෝම දන්න රහසක් වුණු අතර අද එය හැමෝටම ඔප්පු කරන්නට ඇය සමත් වුණා.









