අවශ්‍යම තැන්වලට මෙන්න මේ අයව යොදවන්න තීරණයක්...

Report

අධිකරණ සංකීර්ණ පරිශ්‍ර තුළ පමණක් නොව, ඒවායේ අවට ප්‍රදේශවල ද බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා .

"බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමෙන් අධිකරණ පරිශ්‍රය තුළ සහ ඒ අවට ප්‍රදේශවල ඇතිවිය හැකි තර්ජන කල්තියා හඳුනාගෙන ඊට අවශ්‍ය පියවර ගැනීමට හැකි වන බවයි පැවසෙන්නේ .

උසාවි ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තු අලුත්ම තීරණය

උසාවි ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තු අලුත්ම තීරණය

මෙය අධිකරණවල ආරක්ෂාව තහවුරු කිරීමේ දී ඉතා වැදගත් පියවරක්," යැයි ඔහු සඳහන් කළා. මෙම නව ආරක්ෂක ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණ පද්ධතිය තුළ සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමයි.

ඒ මෙන්ම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමයි. විශේෂයෙන්ම, මෑතකදී වැඩි වෙමින් පවතින පාතාල ක්‍රියාකාරකම් හා ඒ සමග බැඳුණු අපරාධ හමුවේ අධිකරණ පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් බවට පත්ව ඇති බව සඳහන්.

ගණේමුල්ල සංජීව ඝාතනය, අධිකරණ පද්ධතිය තුළ පවතින ආරක්ෂක දුර්වලතා පෙන්නුම් කළ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකේ.

මෙම සිදුවීමෙන් පසුව, අධිකරණවල ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරුන්, අධිකරණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අතර දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුණු අතර, ඒ හරහා මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.