කඩුවෙල බස් නැවතුම්පොළේ සුඛෝපභෝගී බසයකට ගිනි තබයි – සැකකරුවන් සොයා විමර්ශන

Report

කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ නවතා තිබූ අධිවේගී මාර්ගයේ කඩුවෙල-මාතර ධාවනය වන සුඛෝපභෝගී බස් රථයකට අද (05) අලුයම අලුයම නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා විසින් සිදුකරන ලද මෙම ගිනි තැබීමෙන් අසල නවතා තිබූ තවත් බස් රථ දෙකකට ද සුළු හානි සිදුව ඇති බව වාර්තා වේ.

පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට දැනට සැක කෙරෙන අතර, සිද්ධියට සම්බන්ධ අදාළ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා කඩුවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට

සියලු ගොවීන්ට ගැටලුවක් වූ වී මිලට මිල සූත්‍රයක් ?

සියලු ගොවීන්ට ගැටලුවක් වූ වී මිලට මිල සූත්‍රයක් ?