සියලු ගොවීන්ට ගැටලුවක් වූ වී මිලට මිල සූත්‍රයක් ?
වී සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම වෙනුවෙන් නිවැරදි සහ විද්‍යාත්මක මිල සූත්‍රයක් වහාම සකස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.
දැනට වී සඳහා ලබා දෙන සහතික මිල ගණනය කිරීමේදී බරපතල ගැටලු රැසක් පැනනැගී ඇති බැවින්, එළඹෙන මීළඟ කන්නයේ සිට හෝ ගොවියාට සාධාරණය ඉටුවන අයුරින් හොඳ ප්රබුද්ධ මිල සූත්‍රයක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී යෝජනා කළේය.
හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්
වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කරන ආකාරයේ ලාභයක් ගොවියාට නොලැබෙන බවත්, දැනට පවතින සහතික මිල ක්‍රමය හරහා ගොවිතැනට දැරීමට සිදුවන අධික පිරිවැය හමුවේ ගොවීන්ට බරපතළ පාඩුවක් සිදුවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
බලයේ කවුරු සිටියද ගොවි ජනතාව මුහුණ දෙන මෙවැනි සදොස් ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව පැවසූ විපක්ෂ නායකවරයා, දැනට භාවිත වන මිල සූත්‍රය පැහැදිලිවම දෝෂ සහිත එකක් බැවින් ඊට නිවැරදි හා විධිමත් වැඩපිළිවෙළක් වහා යොදන ලෙස පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.