කාන්තාවන්ගේ ස්වයං පියවුරු පරීක්ෂණ වෙනුවෙන් අද සිට LPL වල සිදුවන විශේෂ දේ මෙන්න.(PHOTOS)

Galle Cricket Sri Lanka Cricket Sri Lanka
By Aruna Jul 14, 2024 11:35 AM GMT
Aruna

Aruna

Report

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් දඹුල්ල සික්සර්ස් හා ගෝල් මාවල්ස් තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා.

මෙහිදී තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් මාවල්ස් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී තරගය ආරම්භය ඉතාමත් සාර්ථක වූ අතර, පළමු පන්දුවාර 06 තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 56ක් රැස් කිරීමට සමත් විය.

මේ අතර, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී එල්ලකරන සෑම හයේ පහරකට, හතරේ පහරකට මෙන්ම ලබාගන්නා සෑම කඩුල්ලකටම වටිනාකමක් ලබාදී, ආධාර ලබාදීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවරද ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පියයුරු පිළිකා පිළිබඳ සමාජය දැනුවත් කිරීමට අරමුදල් පරිත්‍යාග කිරීමක් ලෙසින් මෙම තරගාවලියේ එළබෙන 21වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

ඒ අනුව, එම තරගයේ පිතිකරුවෙකු එල්ලකරන සෑම 06 පහරක් සඳහා රු. 10,000ක්, සෑම 04 පහරක් සඳහා රු. 4,000ක් සහ පන්දු යවන්නෙකු ලබාගන්නා සෑම කඩුල්ලක් සඳහා රු. 6,000ක් ලෙසින් ක්‍රිකට් ආයතනය අදාළ වැඩසටහනට මුදල් පරිත්‍යාග කරනු ලැබේ.

මේ අතර මෙම අරමුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සමගාමීව අද දිනයද ‘රෝස දිනය’ ලෙසින් නම්කර පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන දඹුල්ල සික්සර්ස් හා ගෝල් මාවල්ස් තරගයේදී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමත්, ස්වයං පියයුරු පරීක්ෂණ දිරිගැන්වීමත් සඳහා දඹුල්ල ක්‍රීඩකයින් සිය නිල ජර්සිය වෙනුවට ඊට රෝස පැහැය මුසු වූ ඇඳුමකින් සැරසී ක්‍රීඩාකරනු ඇත.

එමෙන්ම ගෝල් මාර්වල්ස්ද ඔවුන්ගේ සුපුරුදු නියොන් කොළ පැහැති ඇඳුම වෙනුවට රෝස පැහැති විශේෂ ජර්සියකින් සැරසී සිටිනු දැකගත හැකිවනු ඇත.

අනතුරුව රාත්‍රියේදී පැවැත්වෙන කලම්බු ස්ට්‍රයිකර්ස් - ජැෆ්නා කිංග්ස් තරගයේදී ජැෆ්නා ක්‍රීඩකයින් රෝස පැහැයෙන් යුතු ඇඳුමකින් සැරසී සිටිනු ඇත.

කෙසේ නමුත් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඔවුන්ගේ නිත්‍ය රෝස පැහැයෙන්ම තරගය ක්‍රීඩාකරනු ඇත.

මේ අතර කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමටද අද දින තරගයක් නොමැති වුවත්, ඔවුන්ද රෝස පැහැති ඇඳුමින් සැරසී ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා සිටිනවා.

එමෙන්ම තරග නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින්ටද රෝස පැහැති ඇඳුමින් සැරසී මෙම ව්‍යාපාරයට එක්වන ලෙස ක්‍රිකට් ආයතනය ආරාධනා කර සිටිනවා.

මෙම රෝස පැහැති ටී-ෂර්ට් ක්‍රීඩාංගනයෙන් මිලදී ගැනීමට හැකිවාව තිබෙන අතර, ටී ෂර්ටයක් මිලදී ගැනීමෙන් මෙම ව්‍යපෘතියට ඔබටද එක්විය හැකි බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දන්වා සිටිනවා.

මෙවර පිළිකා අතර පියයුරු පිළිකා බහුලවම දක්නට ලැබෙන්නක් වන අතර, දිනකට කාන්තාවන් 15 දෙනෙකු පමණ මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොඳුරුවන බවට හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම එම ගොදුරුවන්නන්ගෙන් අඩුම දෙදෙනෙකු මියයන බවද හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ අරමුණ වී ඇත්තේ පියයුරු පිළිකා පිළිබඳ කලින් හඳුනාගෙන එම තත්ත්වයෙන් සුවවිය හැකි පණිවිඩය සමාජය වෙත රැගෙන යාමයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha