ලූවර් කෞතුකාගාර කොල්ලයට තවත් සැකකරුවන් 5ක් අල්ලයි
මේ මාසයේ සිදු වූ නිර්භීත ලූවර් කෞතුකාගාර ස්වර්ණාභරණ මංකොල්ලය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු තවත් පස් දෙනෙකු ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පැරිස් නීතිපතිවරයා බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 30) පැවසීය.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ, මීට පෙර සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමෙන් ලද තොරතුරුවලට අනුවයි.
ලෝකයේ වැඩිම නරඹන්නන් සහිත කෞතුකාගාරය වන ලූවර් කෞතුකාගාරයේ සොරකම ගෙවුණු ඔක්තෝබර් 19 වන දින සිදු වුණා. එහිදී සොරුන් හතර දෙනෙකු දහවල් කාලයේදී ගොඩනැගිල්ලට කඩා වැදී තිබූ අතර මෙම සිද්ධියේදී යුරෝ මිලියන 88ක් (ඇ.ඩොලර් මිලියන 102ක්) වටිනා ආභරණ රැගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත්, අභිචෝදක බෙකුවෝ ප්‍රංශ ගුවන්විදුලි නාලිකාවක් වෙත බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ, සොරකම් කරන ලද ස්වර්ණාභරණ තවමත් සොයාගෙන නොමැති බවයි.
පරීක්ෂණවලදී වැදගත් ඉඟියක් ලැබී ඇති අතර, අත්අඩංගුවට ගත් අයෙකුගේ DNA අපරාධ ස්ථානය හා සම්බන්ධ විය හැකි බවට ඇය වැඩිදුරටත් පැවසුවා.
ප්‍රංශ පරීක්ෂකයින් මේ අවස්ථාවේදී වැඩි විස්තර ලබා නොදෙන නමුත්, නව සැකකරුවන්ට චෝදනා එල්ල කිරීමට හෝ නිදහස් කිරීමට පෙර දින හතරක් රඳවා තබා ගත හැකි බවට වාර්තා වේ.