පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනලා දාන හැටි ජනපති අනුර කියයි. - ආර්ථික සමුළුවේදී කී දේ මෙන්න.
රටට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට එක් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින්.
“පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා. මෙම ආයතනයන් ඒකාබද්ධ කර හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් ද කියලා. විශේෂයෙන්ම සංස්ථා සහ මණ්ඩල පිළිබඳ අපි හිතන්න සූදානම්.
මම විවෘතව කියන්නම්. සමහර ආයතන තිබෙනවා.. එකම කාර්යය කිරීම සඳහා ආයතන කිහිපයක් තිබෙනවා. මං හිතනවා.. සමහර ආයතන අපිට වසා දාන්න වෙයි. සමහර ආයතන ඒකාබද්ධ කරන්න වෙයි. සමහර ආයතනවල විශය පථය වෙනස් කරන්න වෙයි. ඒ හඳුනාගැනීම් මේ දිනවල කරගෙන යනවා”
You May Like This Video