දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගු වාහන පෝලිම්
By Shani
අද (15) දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල – පින්නදුව ප්‍රවේශය අසල දිගු වාහන පෝලිම් දැකගත හැකි විය. පිටවීමටත් ඇතුළු වීමටත් වරින් වර දැඩි තදබදයක් ඇතිව තිබූ බව සඳහන් වේ.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම්බිම් බලා ගමන් කරන මගීන්ගේ වැඩිවීම සැලකිල්ලට ගනිමින්, අද සිට අමතර බස් රථ ධාවනයට එක්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ සඳහා සියලු පළාත් ප්‍රවාහන අධිකාරීවලට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද එහි ධාවන අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය පැවසුවාය.
එමෙන්ම අද දිනය සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින්, කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මගී අවශ්‍යතාවය අනුව අමතර දුම්රියන් ද එක්කරන බව ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේය.