ලොහාන් රත්වත්තේ පෙත්සම අභියාචනාදීකරණය වෙතින් ඉල්ලා අස්කර ගනී

Report

ඉකුත්දා මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාදීකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.

මෙම පෙත්සම අද (09) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

අහිතකර තත්වයක්...මේ ප්‍රදේශ වල ඉන්න ඔබ සැලකිලිමත් වන්න..

අහිතකර තත්වයක්...මේ ප්‍රදේශ වල ඉන්න ඔබ සැලකිලිමත් වන්න..

එහිදී ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයාට මේ වන විට ඇප ලැබී ඇති බවය.

ඒ අනුව මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රිලා ප්‍රශ්නෙට මොකක්ද කරන්න යන්නේ..කෙටි කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා කිහිපයක්..

රිලා ප්‍රශ්නෙට මොකක්ද කරන්න යන්නේ..කෙටි කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා කිහිපයක්..

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

You may like this video