කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (E.T.U) ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

ඒ මහතා එම ඒකකයෙන් ඉවත්කර කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රියේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී ඊයේ රාත්‍රී කාලයේදී හදිසියේ ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර ඇත.

පසුව එම ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව මෙලෙස නේවාසික ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර ඇත.

බුදු අම්මේ.. රෑ වගේම මහ දවාලෙත්.. ගම්මාන රැසක් භීතියෙන් තැති ගෙන.. සුනඛයින්ගේ ජීවිතත් අනතුරේ..

බුදු අම්මේ.. රෑ වගේම මහ දවාලෙත්.. ගම්මාන රැසක් භීතියෙන් තැති ගෙන.. සුනඛයින්ගේ ජීවිතත් අනතුරේ..


නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට සැකපිට පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ය.

රාජපක්ෂලා හැංඟුව සල්ලී කොහෙද කියලා හරියටම දන්න කෙනා ගැන.. වන්ෂොට් ගෙන් පුදුම හිතෙන ෂොට් එකක් මෙන්න..(VIDEO)

රාජපක්ෂලා හැංඟුව සල්ලී කොහෙද කියලා හරියටම දන්න කෙනා ගැන.. වන්ෂොට් ගෙන් පුදුම හිතෙන ෂොට් එකක් මෙන්න..(VIDEO)


කෙසේ වෙතත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නිර්දේශ කිරීම හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතාව පසුව බන්ධනාගාර රෝහල වෙත යොමුකිරීම‍ට පියවර ගෙන තිබුණේ ය.