බන්ධනාගාර ගත කළ ලොහාන් රත්වත්තේට සිදු වූ දේ..

By Aruna Nov 02, 2024 06:21 AM GMT
Report

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලවෙත මාරුකර යවා තිබෙනවා.

ඉකුත් 31වනදා මිරිහාන පොලීසිය මගින් ලොහාන් රත්වත්තේ මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අද තීරණාත්මක සටනක..

ශ්‍රී ලංකා ක්‍රිකට් අද තීරණාත්මක සටනක..


පසුව එදින රාත්‍රියේ මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආ අතර, එහිදී නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණා.

කෙසේ නමුත් නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබුණේ, එහිදී ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහලවෙත යාමටයි.