ලොහාන් රත්වත්ත තවත් නඩුවකට පැටලෙයි..

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙල්දෙණිය පොලිසියට ලද තොරතුරකට අනුව තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී. නිවාස සංකීර්ණයේ කිසිවෙකුත් පදිංචි නොමැති පාළු නිවසක ගරාජයක් තුළ එම ජීප් රථය නවතා තබා තිබූ බවයි තෙල්දෙණිය පොලිසිය කියා සිටියේ.

කැළණි ගගෙන් මතුවූ කිසිවෙක් නොසිතූ අභිරහස් සිදුවීම.

කැළණි ගගෙන් මතුවූ කිසිවෙක් නොසිතූ අභිරහස් සිදුවීම.


පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, මිට්ෂුබිෂි වර්ගයේ එම ජීප් රථය සඳහා කේ.එන්.5556 යනුවෙන් ව්‍යාජ අංක තහඩුවක් සවිකොට තිබී ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනවලදී එම අංකය හිමි තවත් රතු පැහැති පෙට්‍රල් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර මෙම රථය පිළවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක් බවයි.

මේ වන විට එම සැකකටයුතු ජීප් රථය තෙල්දෙණිය පොලිස් භාරයට ගෙන ඇති බව ද වාර්තා වේ.