දේශීය සීනි සමාගම කොටඋඩ. මෙට්‍රික් ටොන් 35,000 ක් තවම ගබඩාවේ

Report

දේශීය සීනි කර්මාන්තය කඩා වැටීමේ දැඩි අර්බුදයකට මුහුණපා ඇති බව ලංකා සීනි පුද්ගලික සමාගමේ සේවකයින් පවසනවා.

ඔවුන් කියා සිටින්නේ ආනයනික සුදු සීනි වලට ප්‍රමුඛතාවය ලබා දීම නිසා මෙවැනි තත්වයක් ඇති වී ඇති බවයි.  ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට සීනි සඳහා නිසි මිලක් හා වෙළෙඳපොළේ ප්‍රමාණවත් කොටසක් හිමි නොවීම දැඩි ගැටලුවක් වන බවයි.

මෙරට සීනි අවශ්‍යතාවයෙන්  10% ක ප්‍රමාණයක් ලංකා සීනි සමාගම මගින් නිශ්පාදනය කරන අතර මෙරට එතනෝල් අවශ්‍යතාවයෙන් 37% කට අධික ප්‍රමාණයක් සපයන්නේද ලංකා සීනි සමාගමයි.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

ගොවීන් පවසා සිටින්නේ මේ වන විට දේශීයව නිශ්පාදනය කළ සීනි මෙට්‍රික් ටොන් 35,000කට අධික ප්‍රමාණයක් ගබඩා තුළ සිර වී ඇති අතර ආනයනික සුදු සීනි අධික ලෙස වෙළෙඳපොලට පැමිණිම හා ඒ සඳහා ආනයනික බදු ඉවත් කිරීම තුළින් දේශීය නිශ්පාදන සඳහා ඉල්ලුම අඩුවන බවයි .

මෙවැනි පසුබිමක් තුළ ලංකා සීනි සමාගම හා අනෙකුත් දේශීය සීනි කම්හල් වැසීයාමේ අවධානම ඉහළ යන බවයි එහි සේවකයින් පවසා සිටියේ.   

නිර්ධා වගේ මාලනියගේ දේහය ළඟ ෆොටෝ ගහපු පුබුදු මාෂී..video එලියට??

නිර්ධා වගේ මාලනියගේ දේහය ළඟ ෆොටෝ ගහපු පුබුදු මාෂී..video එලියට??

මෙම සියලු සීනි කර්මාන්ත ශාලාවල 9000කට අධික පිරිසක් සේවය කරන අතර ඒ ආශ්‍රිතව යැපෙන 100,000කට අධික පරිසක් ගැටලු රැසකට මැදිව තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙරට නිශ්පාදනය කරන සීනි සඳහා නිසි මිලක් ලබා දී , ආනයනික සීනි ගෙන්වීම නිසි පරිදි නියාමනය කරන ලෙසයි.