ලෝකල් ශාරුක්ගේ මරණය ගැන කම්පා වෙයි

Vishal Shah Rukh Khan Latest Headlines Sinhala news gagana news
By Akash May 22, 2025 10:43 AM GMT
Akash

Akash

Report

2011 වසරේදී ඒ කාලේ ජනප්‍රිය වෙමින් සිටි නවක නළුවෙකු වූ තරිඳු විජේසිංහ නම් නළුවාගේ මරණය බොහෝ දෙනාගේ හද කම්පා කරවන පුවතක් වූවා..

ඔහු එකල බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් වන ෂාරුක් ඛාන්ගේ පෙනුමට යම්තාක් සමීපත්වයක් දැක්වූ අතර, ඒ කාලේ ඔහු චාතුර්යා, සුදු සේල, කුරුළු පිහාටු, පතිණි, දූ කුමාරියෝ, සොඳුරු වසන්තය සහ රෝස දිගන්තය වැනි ටෙලි නාට්‍ය ඇතුළු චිත්‍රපටි රැසක රඟපෑ තරිඳු මිය යන විට වයස 27ක අවිවාහකයෙකු බව එකල පුවත් පත් වල සඳහන් වූවා..

1000ට තිබ්බ කෑම එක තුන්ගුණයකින් නග්ගපු ආණ්ඩුව

1000ට තිබ්බ කෑම එක තුන්ගුණයකින් නග්ගපු ආණ්ඩුව

කෙසේ නමුත් තරිඳු මිය යන්නේ තලවතුගොඩ ප්‍රදේශයේ එවකට ඔහුගේ පෙම්වතිය වූ සජනි ඉෂාරා අබේසේකරගේ නිවසේ සිටියදීයි.

ඒ කාලේ බොහෝ දෙනා ඔහු මියගියේ හෘදයාබාධයකින් බව පැවසුවත් පසුව මරණ පරීක්ෂකයින් හෙලි කරේ ඒ ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට ඇති බවයි.

කොහොම නමුත් ඔහු මිය ගිය පසුව හෙලි වන්නේ ඔහු විවාහකයෙකු බවත් නමුත් ඔහු මිය යන්නේ ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී බවත් ය.. පසුව පෙම්වතිය විසින් ලබාදුන් සාක්ෂි මාධ්‍යට ලබා දී තිබූ අතර එහි ඇය පවසා තුබුනේ මෙවැන්නක්...

හිටපු පෙම්වතාගේ පළිගැනීමක්ද ?

හිටපු පෙම්වතාගේ පළිගැනීමක්ද ?

“ මිය ගොස් ඇත්තේ මා විවාහ වීමට සිටි තරිඳු විජේසිංහ යන අයයි. මා දෙමාපියන් හා සහෝදරියන් සමඟ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටිනවා. මියගිය තරිඳු දැන හඳුනාගෙන වසරක් පමණ වෙනවා. මා දන්නා තරමට ඔහු මීට කලකට පෙර විවාහ වී එම විවාහයෙන් වෙන් වී සිටිනවා. ඔහු නීතියෙන් වෙන් වී තිබෙනවාද කියා ස්ථිර වශයෙන් කීමට දන්නේ නැහැ. ඔහු විවාහ වී ඇත්තේ ඔහුගේ ගම වන කළුතර නාගොඩ ප්‍රදේශයෙන් බව දන්නවා.

මිය ගිය තරිඳු ටෙලි සහ සිනමා ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මා දන්නා තරමින් ඔහුට වසර පහක පමණ කාලයක සිට දියවැඩියා රෝගය සෑදී එයට ප්‍රතිකාර ගනිමින් සිටියා. පසු ගිය දිනවල රෝගය උත්සන්න වී ඔහු ෆාමසිවලින් ඉන්සියුලින් ගෙන ඔහුම විද ගත්තා. ඒ නිසා රෝගය තරමක් දුරට අඩු වූ බව මා සමඟ පැවසුවා.

තරිදු අපගේ නිවසට පැමිණ සිටියදී මිය යාමට පෙර දින රාත්‍රි ඔහුට වමනය යාමට පටන් ගත්තා. ඒ සඳහා ඔහු බෙහෙත් කිසිවක් ගත්තේ නැහැ. පසු දින සුව වී තිබුණත් එදින උදෑසන තරිඳු ආහාර කිසිවක් ගත්තේ නැහැ. අනතුරුව මා ඇපල් ගෙඩියකින් කෑලි දෙකක් කපා දුන්පසු තරිඳු එය කෑමට ගත් අතර මඳ වේලාවකින් එළවළු සුප් ටිකක් සාදා බොන්නට දුන්නා. එදින රාත්‍රිය ද තරිඳු අප නිවසේ සිටි අතර පසු දින අලුයම 5.30ට පමණ ඔහුගේ ඇඟ සීතල වී ඇති මව අපේ නිවසේ අය දැන ගන්නවා..

පස්සේ අපි එයාව ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කරා එහිදී ඔහු මියගිය බව මට දැනුම් දුන්නා. පස්සේ මම රෝහලට පැමිණ තරිඳුගේ සිරුර බලන විට ඔහුගේ සිරුරේ මුහුණපුරා ද ගෙල ආශ්‍රිතව සහ ඇඳුම්වල කළු පැහැති යමක් තැවරී තිබුණා.

එසේම තරිඳුගේ මරණයට හේතුව කීමට දන්නේ නැහැ. මේ නිසා මරණය සම්බන්‍ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා." යනුවෙනි.

මේ අනුව වසර ගනනක් තරිදුගේ මරණය සම්බන්ධ නඩුව පැවැත්වෙන අතර ඉන් පසුව සිදු වූ නඩු තීන්දු පිළිබඳව මාධ්‍යට සදහනක් ලබා දී නෑ.. අවසානයේ අවාසනාවන්ත ලෙස තවත් නළුවෙක් අපේ කාලා ක්ෂේත්‍රයට අහිමි වන්නේ තවත් එක් එක් අභිරහසක් ඉතුරු කරවමිනුයි...

ReeCha