පළාත් පාලන මැතිවරණයේ කොට්ඨාස 19ම අපිට ඕනේ.
By Ashfa
අද දින පැවති ජනහමුවකදී කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද පද්මකුමාර ඉදිරියට පැවැත්වීමට නියමිත මැතිවරණය පිළිබද සිය අදහස් ප්‍රකාශ කළා.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ තම පක්ෂයට ජයග්‍රහණය කොට්ඨාස 19න්ම හිමි විය යුතු බවත් ඊට හේතු ලෙස සදහන් කලේ ආණ්ඩුව අයවැයේදී දිස්ත්‍රික්ක සංවර්ධනය සදහා රු.මි. 6450ක මුදලක් වෙන්කර ඇති බවයි.
නමුත් මෙම මුදල නිසි ලෙස දිස්ත්‍රික්කයේ සංවර්ධනයට යෙදවීමට අවශ්‍යනම් ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක්ම අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුර අදහස් ප්‍රකාශ කළේ.