පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාර ගැනීමේ අවසන් දිනය මෙන්න!

Report

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන මාර්තු 17 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

රටේ ගැහැණු ළමයින් පරිස්සම් කරගන්න... නව තාක්ෂණයෙන් කරන සෙල්ලමක් ගැන හෙළිදරව්වක්....

රටේ ගැහැණු ළමයින් පරිස්සම් කරගන්න... නව තාක්ෂණයෙන් කරන සෙල්ලමක් ගැන හෙළිදරව්වක්....

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, මුලින් මාර්තු 12 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය, තැපෑලේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් පිළිබඳ ඉල්ලීම් සලකා බලා මෙම දීර්ඝ කිරීම සිදු කළ බවයි.

ඒ අනුව, මාර්තු 17 වන දා මධ්‍යම රාත්‍රී 12:00ට පෙර අදාළ අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බව කොමිෂන් සභාව දන්වා ඇත.