පිරමීඩ ජාවාරම නිසා අහිමි වූ ජිවිත

Police spokesman Sri Lanka Police Sri Lanka Crime Sinhala news
By Akash Apr 07, 2025 01:23 PM GMT
Akash

Akash

Report

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මාස හයක් වයසැති තම පිරිමි දරුවාගේ ගෙල සිරකර ඝාතනය කොට බේබි කැරියර් එකක දමා සිරුරේ එල්ලාගෙන පදිංචි නිවසේ මුළුතැන්ගෙයෙහි යට ලීයක එල්ලී සිටියදී වරකාපොළ පොලිසිය විසින් පසුගිය 03 දා සොයාගෙන ඇත.

මෙසේ අවාසනාවන්ත අන්දමින් දිවිනසාගෙන ඇත්තේ වරකාපොළ පොලිස් වසමේ අල්ගම මැදගම ලිපිනයේ පදිංචිකාරියක වන 37 හැවිරිදි ලියන මුදියන්සේලාගේ සොමිකානි නිලූෂා සහ ඇයගේ මාස හයක් වයසැති කස්තුරි ආරච්චිලාගේ හිමරු නිර්වාන් කුලතුංග දරුවාය.

දේශබන්දුගේ නොදුටු පැත්ත සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන හැටි මෙන්න

දේශබන්දුගේ නොදුටු පැත්ත සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන හැටි මෙන්න

සියදිවි හානිකරගත් අය තිදරු මවකි. උපාධිධාරිනියක් වන ඇය පාරිභෝගික සේවා අධිකාරියේ රැකියාවක නිරතව සිටි තැනැත්තියකි. ඇය විවාහ වී ඇත්තේ අල්ගම ප්‍රදේශයේම පදිංචි අයෙකු සමගය. ඔහු සංවර්ධන නිලධාරියෙකු ලෙස කලක් සේවය කර ඇති අතර පසුව එමරැකියාවෙන් ඉවත්ව වෙනත් ආයතනයක රැකියාවක නිරතව සිටී.

මෙම කාන්තාව පිරමීඩ ජාවාරම්කරුවන්ට මුදල් දී ඇති අතර ඒ නිසාම අසල්වැසියන්ට ණයවී ඇත. මේ හේතුවෙන් අඹුසැමියන් අතර ගැටුම් ඇතිවී ඇති බවත්, තිදරු මව දරුවන් තිදෙනාට වසපොවා තමන්ද ගෙල වැලළාගෙන මියයන බවට සැමියාට 03 දින දන්වා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුරුව පියා විසින් වයස අවුරුදු හතර හමාරක් වයසැති පිරිමි දරුවා සහ වයස අවුරුදු දෙක හමාරක් වයසැති දැරිය ස්වාමියාගේ මහ ගෙදරට ගොස් තම මවට බාරදී ආපසු නිවසට පැමිණෙන විට තම භාර්යාව බේබි කැරියර් එකක මාස හයක් වයසැති දරුවා දමා ශරීරයේ එල්ලාගෙන මුළුතැන්ගෙයෙහි යට ලීයක එල්ලී සිටිනු දැක ඇත.

බයිට් කකා අරක්කු බීබී සැකකරුවකු සමග නිල කාමරයේ OIC

බයිට් කකා අරක්කු බීබී සැකකරුවකු සමග නිල කාමරයේ OIC

අනතුරුව ස්වාමියා 119 හදිසි දුරකතන අංකය අමතා සිද්ධිය දැනුම්දී ඇති බව පොලිසිය පවසයි. දුරකතන ඇමතුමට අනුව වහාම ක්‍රියාත්මක වූ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඩී.සී. ප්‍රසාද් මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් නිවසට ගොස් පරීක්ෂණ අරඹා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත තොරතුරු වාර්තා කර ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණවලින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මියගිය කාන්තාවගේ හා දරුවාගේ දේහයන් දරුවාගේ පියා වන කස්තුරි ආරච්චිලාගේ පුබුදු කුලතුංග යන අයට බාර දෙන ලදී. කෑගල්ල කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ, කාන්තා උප පොලිස් පරීක්ෂක ශාලිකා, පොලිස් සැරයන් තිරිමාන්න(32928) යන අයවලු‍න් විසින් විමර්ශන කටයුතු සිදු කෙරුණි.

බිරිඳගේ අනියම් හාදකමක්.... පවුල් දෙකේම අය මරාගනී

බිරිඳගේ අනියම් හාදකමක්.... පවුල් දෙකේම අය මරාගනී

පශ්චාත් මරණ පරීක්ෂණය 04 දින කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් සිදු කෙරුණි.මෙහිදී දරුවාගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවත් තිදරු මව ගෙල වැලළාගෙන මියගොස් ඇති බවට තීන්දු කෙරුණි.

මෙම සිද්ධිය සම්බන්ධව කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී.සී. ප්‍රසාද් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත බංඩාර, පො.සැ. ඩබ්ලිව්. කීරගල(33118), පො.සැ. ජී.ආර්. පුෂ්ප කුමාර(48593) නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරන ලදී.

ReeCha