කඩියෙක් සපා කෑ පසු අභිරහස් ලෙස ජීවිතයෙන් සමුගත් පුංචි මල් කැකුළ
දැඩිගමුව, ලෙනගල, සුහද මාවත ප්රදේශයෙන් ශෝකජනක පුවතක් වාර්තා වී ඇත.
එනම් හදිසියේම මෙලොව හැර ගිය සිව් හැවිරිදි උවිඳු නිම්සර නම් පුංචි දරුවෙක්ගේ මරණයක් සම්බන්ධවයි.
උපත ලබා සිව් මසකින් ම මවගේ සෙනෙහස අහිමි වූ උවිඳු තම ආදරණීය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යටතේ හැදී වැඩී තිබුණා.
ඒ අනුව ඔහු මෙම අවාසනාවන්ත සිදු වීමට මුහුණ පා ඇත්තේ හෝමාගම, ලෙනගල ප්රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවේදීයි.
නිවසින් පිටවීමට මොහොතකට පෙර තමාගේ කෘමියෙකු සපා කෑ බව දරුවා පවසා ඇත. පසුව ඔහුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහුගේ මිත්තණිය සංවේගයෙන් කියා සිටියේ දරුවා රෝහල්ගතව සිටියදී, "ආච්චි මට සීතලයි, නිදාගන්න ඕනේ" යැයි පැවසූ බවයි.
එසේම 'මම මෙහෙම එනවා.එනකොට කඩියෙක් කෑවා, කඩියෙක් කෑවා කිව්වා. කොහෙද පුතේ කියලා ඇහුවා.මෙතන මෙතන කෑවේ කිව්වා. මෙතනින් තමයි සතා කෑවේ කිව්වේ.' ඇය වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වුවත් මරණයට නිශ්චිත හේතුවක් එතෙක් අනාවරණය වී නැත.
එබැවින් සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයේදී, දරුවාගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස නියෝග කර ඇත.