සූර්යයා මීන රාශියෙන් ඉවත් වී මේෂ රාශියට යන මේ මොහොතේ ඔබේ ලග්නයේ සුබ අසුබ මෙන්න

Report

අද, 2026 අප්‍රේල් 14 අඟහරුවාදා, සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව සිදුවන සුවිශේෂී දිනයකි. සූර්යයා මීන රාශියෙන් ඉවත් වී මේෂ රාශියට සංක්‍රමණය වන මෙම මොහොතේ, ඔබගේ ලග්නයට අනුව අද දින පලාඵල මෙන්න

 මේෂ

ඔබට ඉතා ක්‍රියාශීලී දිනයකි. අලුත් අවුරුදු චාරිත්‍ර නිවැරදිව ඉටු කිරීමට අවස්ථාව ලැබෙන අතර, පවුලේ සමගිය වර්ධනය වේ. නිර්මාණශීලී වැඩවලින් ලාභ හිමිවේ.

වෘෂභ

මිශ්‍ර ඵලදායක දිනයකි. වියදම් පාලනය කරගැනීමට උත්සාහ කරන්න. අන් අය සමඟ ගනුදෙනු කිරීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ.

මිථුන

හිතවතුන් සහ නෑදෑයින් මුණගැසීමට අවස්ථාව ලැබේ. ආදායම් මාර්ගවල සුභදායී වෙනසක් බලාපොරොත්තු විය හැක. සතුට පිරි දිනයකි.

කටක

රැකියා සහ ව්‍යාපාරික කටයුතුවල උන්නතියක් දක්නට ලැබේ. නිවසේ පැවති ගැටලු විසඳී සැනසිලිදායක වටපිටාවක් ගොඩනැගේ. සිංහ: දුර බැහැර ගමන් බිමන් සහ ආගමික කටයුතුවලට යොමු වේ. විදේශගත වීමට බලාපොරොත්තු වන අයට සුභ ආරංචි ලැබිය හැකිය.

කන්‍යා

සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. කල්පනාකාරීව තීන්දු තීරණ ගත යුතු දිනයකි. අලුත් අවුරුදු සතුට සමබරව භුක්ති විඳින්න.

තුලා

හවුල්කරුවන් සහ සහකරු/සහකාරිය සමඟ සබඳතා ශක්තිමත් වේ. ප්‍රීති සාදවලට සහභාගී වීමට අවස්ථාව හිමිවන වාසනාවන්ත දිනයකි.

අදත් කාලගුණයේ ලොකු වෙනසක් - හවස මේ ප්‍රදේශවලට වැසි

අදත් කාලගුණයේ ලොකු වෙනසක් - හවස මේ ප්‍රදේශවලට වැසි

වෘශ්චික

බාධා මැද වුවද ජයග්‍රහණ අත්කර ගත හැක. අසනීපවලින් සුවය ලැබීමටත්, සතුරු කරදරවලින් මිදීමටත් හැකිවේ.

ධනු

දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලය වැය කරයි. ආදර සබඳතාවලට සුභ කාලයකි. බුද්ධිමත් ලෙස කටයුතු කිරීමෙන් ලාභ ලැබේ.

මකර

පවුලේ අය සමඟ ගත කරන ඉතා ප්‍රීතිමත් දිනයකි. දේපල සම්බන්ධ කටයුතුවලින් වාසි සැලසෙන අතර නිවසට අලුත් බඩුබාහිරාදිය හිමිවිය හැක.

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

කුම්භ

සහෝදර සහෝදරියන්ගේ සහයෝගය හිමිවේ. අලුත් වැඩකටයුතු ආරම්භ කිරීමට ඉතා සුභදායී පසුබිමක් නිර්මාණය වේ.

මීන

කථාවෙන් සහ ක්‍රියාවෙන් අන් අය ආකර්ෂණය කරගත හැක. මූල්‍යමය වාසි හිමිවන අතර රසවත් ආහාර පාන භුක්ති විඳීමට අවස්ථාව සැලසේ.