ප්රබල අකුණු අනතුරු ඇඟවීමක් - මෙම පළාත් සහ දිස්ත්රික්කවල ජනතාවට විශේෂ දැනුම්දීමක්
දිවයිනේ පළාත් පහකට සහ දිස්ත්රික්ක පහකට ප්රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
අද (16) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්රී 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව සබරගමුව, මධ්යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලත්, මඩකලපුව, ත්රිකුණාමලය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අදාළ ප්රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත්, කාලගුණික තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.