රට පුරා දිස්ත්‍රික් 08කට රතු එළියක් - මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න
By R.rishma
දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි, දිස්ත්‍රික්ක 08 කට රතු අනතුරු ඇඟවීම් සහ දිස්ත්‍රික්ක 17 කට අම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, එම දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.