මෙරට ප්‍රසිද්ධ බේකරියකින් ගත් මාළු පාන් ගෙඩියේ ලයිටර් කොටසක්. - (PHOTO)
මාළු පාන් ගෙඩියකින් ලයිටරයක කොටස් මතුවූ පුවතක් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ, පානදුර ප්‍රසිද්ධ හෝටලයකින්.
පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මංජුල පෙරේරා යන අය අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ආහාරය සදහා මාළු පාන් ගෙඩි දෙකක් මිළදීගෙන ඇති අතර , බාල පුත්‍රයා මාළුපාන් ගෙඩියේ කොටසක් ආහාරයට ගැනීමේදී ලයිටරයක ලෝහමය කොටස් මතුවී ඇත.
ඒ මොහොතේම ඔහු ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාව දැනුවත් කර ඇති අතර, ඔහු දැනුම් දී ඇත්තේ තමන් නිවාඩු බවත්, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසත්ය.
අනතුරුව මංජුල පෙරේරා නැමැත්තා පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත ගොස් ඇති අතර පැමිණිල්ල භාර නොගෙන ඔහුව ආපසු හරවා යැවූ බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඊෂා මහින්දදාස මහත්මිය පළමුව සදහන් කලේ තමන්ට සිදුවීම වාර්තාවී නොමැති බවයි.
නමුත් ඇය පසුව කියා සිටියේ, මාළු පාන් ගෙඩියක් රැගෙන පුද්ගලයෙකු පැමිණ යලි පිටව ගොස් ඇති බවත්, ඔහු ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කල හොත් ක්‍රියාමාර්ගයක් ගතහැකි බවත්ය.
මොසාඩ් එක ලංකාවට? - ඊශ්‍රායල ජාතිකයින් විසින් සිදුකරන ඉදිකිරීම්වලට අවසර දීම ගැන අගමැති හරිනිගෙන් ප්‍රකාශයක්.
You May Like This Video