LGBTQIA+ ප්‍රජාවට විරුද්ධව ජනතාව අවුස්සනවා ප්‍රහාර එල්ල කරනවා - පරිවර්තන් සංවිධානය

By Ashfa Oct 19, 2025 05:52 AM GMT
Report

LGBTQIA+ ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ‘පරිවර්තන් සංවිධානය’ විසින් LGBTQIA+ සම්බන්ධයෙන් සිය ස්ථාවරය රටට පැහැදිලි ලෙස ප්‍රකාශ කරන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.

දේශපාලන වාසි තකා සමහර කණ්ඩායම් විසින් මෙම ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විවිධ දුර්මත සහ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බැවින් මෙම ඉල්ලීම සිදු කරන බව ‘පරිවර්තන්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා සහ නීතිඥවරියක වන රදිකා ගුණරත්න මහත්මිය පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත

එමෙන්ම සමරිසි ප්‍රජාව වැනි බලයෙන් අඩු සමාජ කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කිරීම දේශපාලනයේ නරක ප්‍රවණතාවක් බවට පත්ව ඇති බවත්, ජනතාව “ඇවිස්සීම” තුළින් සිදු කරන දේශපාලනය බිහිසුණු ප්‍රතිඵලවලට මඟ පාදන බවත් ඇය පවසයි.

සංවේදී ජන කොටස්වල ගැටලු සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ආකාරය වෙනත් රටවල මාර්ගෝපදේශ ඔස්සේ ක්‍රමවත් කර තිබුණද, ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නොමැති වීම දේශපාලන ප්‍රහාරකයන්ට පහසුවක් වී ඇති බව ද නීතිඥවරිය පෙන්වා දුන්නාය.

මේ පැති වලට පැය 30කට වතුර කපනවා

මේ පැති වලට පැය 30කට වතුර කපනවා

‘පරිවර්තන්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා සහ නීතිඥවරියක වන රදිකා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් පවසන්නේ “සමීප ලේ ඥාතීන් අතර ලිංගික සබඳතා” නීතියෙන් තහනම් වුවද, සමරිසි අයිතිවාසිකම් ඉල්ලා සිටින විටදී එවැනි ව්‍යාජ චෝදනා එල්ල කරන බවයි.

බොහෝ දෙනා “අපේ සංස්කෘතිය” ලෙසින් හඳුන්වන්නේ, ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාවට උරුම කර දුන් වික්ටෝරියානු සුචරිතවාදය බවත් බ්‍රිතාන්‍යය පවා 1967 දී “සමරිසිභාවය” අපරාධයක් නොවන ලෙස නීතිය වෙනස් කිරීමට කටයුතු කළ බවත් ඇය අවධාරණය කරයි.

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ