පොලිසිය සීසර්ලාව රකිනවා - ලීසින් වාරික ගෙවන්නන් පොලිස් මූලස්ථානය වටලයි

Report

ලීසින් අය වාරක ගෙවන්නන්ගේ සංගමය පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට විරෝධතාවය නිරත විය විරෝධතා පුවරු රැගත් පිරිසක් පොලිස් මූලස්‌ථානයේ ඉදිරිපිට මෙම විරෝධතාවය සිදු කළේ රථ වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යන සීසර්ලාව පොලිසිය විසින් ආරක්ෂා කරන බවට චෝදනා   කරමිනි.

පොලිසියට කොතරම් පැමිණිලි කළත් පොලිසිය ගැන පැමිණිලි කරත් මේ කිසිවකට ලීසින් අය වාරික ගෙවන්නන්ට සාධාරණයක් ඉටු වී නැති බවටද ඔවුන් චෝදනා කරනු ලබයි .

හිටපු පොලිස්පතිවරයා මෙම සීසර්ලාට එරෙහිව සහ ලීසින් වාරික ගෙවන රථ වාහන පැහැර ගැන යෑම සම්බන්ධයෙන් ශක්‍ර ලේඛනයක් නිකුත් කර තිබුණත් එය බලාත්මක නොවන බවට පවසමින් විරෝධතා කරුවන් එම චක්‍රලේඛනය ද පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට දී ගිනි තැබීමට කාටයුතු කර තිබේ

පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පස්දෙනකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමකට පොලිස් මූලස්ථානය මූලස්ථානයට පැමිණෙන ලෙස මෙහිදී දන්වා තිබුණි