වැඩේ හරි ආපදාව කලින් කිව්වෙ නැති නිසා ආණ්ඩුවට නඩු? - නීතිඥයෝ රොත්තක් පෙරට
දිට්වා සුළි කුණාටුව පතිත වීම පිළිබඳව ආණ්ඩුව කිසිදු පියවරක් නොගත් නිසා ජනතාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාව සොයා බැලීමට ජනාධිපති නීතිඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කිරීමට නිදහසේ නීතිඥයෝ (Free Lawyers) පියවර ගෙන ඇත.
මෙම සංවිධානයේ විශේෂ රැස්වීම කොළඹ නිපෝන් හෝටලයේදී සිකුරාදා (05) පැවැත් අතර, එහි මුලසුන හිටපු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් උසුලනු ලැබීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක, රැස්වීමේදී ප්‍රකාශ කළේ, තොරතුරු ලැබී තිබියදී ආණ්ඩුව පියවර නොගත් නිසා ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය යුතු බවයි. එය රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
තවද, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල, හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයාට මඩ ගසන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව ප්‍රකාශ කළ අතර, ඒ සඳහා ද නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත වේ.
නිදහසේ නීතිඥවරු සංවිධානයේ අනුශාසකවරුන් ලෙස හිටපු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න කටයුතු කරති.