අද රටම බලා සිටි මොහොත උදා වෙයි - විශ්‍රාම වයස ගැන ජනපති සමඟ සාකච්ඡාවට නීතිඥ සංගමය යයි [UPDATE]

Report

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම සංගමයට ලබාදුන් සාකච්ඡාව වෙනුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක, සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධානවලින් ද එල්ල වූ විරෝධය මධ්‍යයේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය මඟින් ඉකුත් දා අනුමත කර තිබුණා.

ඊට අදාළ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ විය.

මුළු රටම නොඉවසිල්ලෙන් ඉන්න විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන තීරණය අද - විශේෂ සාකච්ඡාවක්

මුළු රටම නොඉවසිල්ලෙන් ඉන්න විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන තීරණය අද - විශේෂ සාකච්ඡාවක්

එවැනි පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබදව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය ඉකුත් දා ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකෙරුණු අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ පැවති හමුවක දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් සිදු කර සිටියා.

එබැවින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න