" මම ලෝයර් කෙනෙක් තමුසෙ කොහොමද .."පවුල් පිටින් පොලිසියට පාට් දැමූ ලෝයර් නෝනට වැඩ වරදි..

Sri Lanka Police Sri Lanka Accident
By Piyumika Oct 07, 2024 08:28 AM GMT
Piyumika

Piyumika

Report

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් ‌වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්ථානය තුළදී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් ඇතුළු පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (8) දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා නියෝග කළේය.

සනත්ගේ පුහුණුකාර තනතුරට මොකද වුනේ?.. ක්‍රිකට් විධායක කමිටුව ගත්ත තීරණය මෙන්න .. (PHOTO)

සනත්ගේ පුහුණුකාර තනතුරට මොකද වුනේ?.. ක්‍රිකට් විධායක කමිටුව ගත්ත තීරණය මෙන්න .. (PHOTO)

 මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මඩපාත පොල්කේන ප්‍රදේශයේ පදිංචි නීතිඥ නිමේෂා දුෂානි වානගුරු (27) ඇයගේ සැමියාවන වීරතුංග ජයවර්ධන තුමේෂ් ගිහාන් කාංචන (27) දොන් අසේල හේමන්ත වානගුරු (නීතිඥවරියගේ පියා) නැගණිය වන රුවිෂානි කමේශි වානගුරු (24) යන අයවලුන්ය.

සැකකාර නීතිඥවරියගේ පියා පෙරේදා පෙරවරුවේ පොල්ගඕවිට දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැස්බෑව නගරයේ මාර්ග සංඥා පද්ධතිය අසල ධාවනය වීමට නියමිත සංඥා ක්‍රියාත්මක වන තෙක් මෝටර් රථය නවතා තිබියදී එම දිශාවටම ධාවනය වීමට පිටුපසින් පැමිණි ටිපර් රථයක් රියදුරුගේ ග්‍රහණයෙන් මිදී මඳක් ඉදිරියට පැමිණ මෝටර් රථයේ පිටුපස ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම මාර්ගයේ වාහන ධාවනය කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්..

මෙම මාර්ගයේ වාහන ධාවනය කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්..

එම අවස්ථාවේදී ටිපර් රථ රියදුරුද ටිපර් රථයෙන් බිමට බැස ඇති අතර මෝටර් රථ රියදුරු සහ එහි සිටි කාන්තාවන් තිදෙනෙකු ද ඒ සමගම මෝටර් රථයෙන් බිමට බැස රියදුරුට දොස් පවරමින් ඔහුව වට කරගෙන ඇති අතර කාන්තාවන් ටිපර් රියදුරුව අල්ලාගෙන සිටියදී මෝටර් රථ රියදුරු ඔහුට පහර දී තිබේ.

පාසල් මිතුරන් සහ විශ්ව විද්‍යාල මිතුරන් විසින් නිලන්ත ජයවර්ධනගේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි..

පාසල් මිතුරන් සහ විශ්ව විද්‍යාල මිතුරන් විසින් නිලන්ත ජයවර්ධනගේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි..

අනතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සැරයන්වරයා එම ස්ථානයට පැමිණ ටිපර් රියදුරට පහරදීම සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු ද අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටිපර් රියදුරද අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේදී යතුරුපැදියකින් සැමියා සමග පැමිණ තිබූ නීතිඥවරිය සැරයන්වරයාගේ නිල ඇඳුමේ කොළරයෙන් අල්ලා " මම ලෝයර් කෙනෙක් තමුසෙ කොහොමද මගේ තාත්තව අරන් යන්නේ තමුසෙට මගේ තාත්තව අරගෙන යන්න දෙන්නේ නැහැ යයි පවසමින් පරුෂ වචනයෙන් 11 බැන ‌වදිමින් ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය කියයි